gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඹුල්ල මන්ත්‍රී ගැටුම් රෝහල් සේවකයන්ටත් තලයි

දඹුල්ල රෝහලේ සුළු සේවකයින්ට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වා දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය අද (29 දා) උද්ඝෝෂණයක් ඇරඹුහ.

ඒ ,එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අධාරකරුවන් දෙපිරිසක් අතර දඹුල්ලේදී ඇති වූ ගැටුමකින් පසු බරපතල ලෙස තුවාල ලැබු එක්සත් ජාතික පක්ෂ ආධාරකුරුවකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී තුවාලකරු සමඟ පැමිණි පිරිසක් රෝහල් සේවකයින්ට පහරදීම හේතුවෙනි.

ඊයේ (28 දා) රාත්‍රියේ දඹුල්ල නගරයේ සැරසිලි කරමින්
සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවකු විසින් මන්නයකින් පහරදී බරපතළ තුවාල තුවාල සිදු කර ඇත. ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මන්ත්‍රීවරු දිවුරුම් දීම අද (29) සිදු කිරීමට නියමිතව තිබු අතර නගරය සැරසිලි කරමින් සිටි පුද්ගලයකුට මෙලෙස මන්නා ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙසේ දරුණු ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් දඹුල්ල මහ නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දීමට සිටින සුමුදු සෙරීන් අබේසිංහ මහත්මියගේ සැමියා වූ රෝහණ අබේසිංහ නැමති අයෙකි.

ඊයේ (28 ) දින රාත්‍රියේ 10 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූ රෝහණ අබේසිංහ මහතාගේ පුතා සහ තවත් පිරිසක් ඔහු දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් සමඟ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් සුළු සේවකයන් දෙදෙනෙකුට වෛද්‍යවරයා ඉදිරියේම පහරදීමක් සිදුකර කර ඇතැයිද රෝහල් සේවකයෝ පවසති.

තුවාල ලැබූ රෝගියා ඇතුළත් කිරීමට මත්තෙන් ඔහුගේ නම ලියාපදිංචි නොකළේ යැයි චෝදනා කරමින් මෙම පහරදීම සිදුකළ බවත් රෝහල් සේවකයෝ පවසති.

එම පහර දීමට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල මූලික රෝහලේ සුළු සේවක මණ්ඩලය අද (29) උදෑසන වැඩ වර්ජනයකට සූදානම් වෙමින් විරෝධතාවයක නිරත වන්නට වූහ. ඔවුන් සඳහන් කර සිටි පහරදුන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව යි.

මේ සිදුවීමට මැදිහත් වු දඹුල්ල පොලිස් ස්ථානාධිපති සම්පත් වික්‍රමරත්න මහතා රෝහල් සේවකයින්ට පවසා සිටියේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති බැවින් උද්ඝෝෂණය නවත්වන ලෙසයි.

නමුත් ස්ථානාධිපතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උද්ඝෝෂකයෝ පවසා සිටියේ එම පුද්ගලයින් තමන් ඉදිරියට රැගෙන එනතුරු උද්ඝෝෂණය අත් නොහරින බවයි.

ඡායා-ලංකාදීප

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka