gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් බලන්න බඹරු ඇවිත්

බඹර වද කීපයක් හේතුවෙන් පල්ලකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරමක අවදානම් තත්ත්වයක පවතින බව ප්‍රේක්ෂකයන් අනතුරු හඟවති.

මෙම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය ඇති ගොඩනැගිල්‍ලේ බඹර වද තුනක් ද ප්‍රේක්ෂකාගාරයේ වද දෙකක් ද බැඳ ඇති බව ඔවුන් සඳහන් කරයි.

පාසල් අතර මහා ක්‍රිකට් තරගාවලි රැසක් මේ දිනවල
මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඇතැම් විට බඹරුන් ඉගිල යාම හේතුවෙන් තරග නතර කිරීමට සිදුවන අවස්ථා රැසක් වාර්තා වී තිබේ.

අධික සූර්ය රශ්මිය හා ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව හේතුවෙන් බඹරුන් ඇවිස්සීමේ වැඩි ඉඩක් පවතී. නමුත් වැඩි පිරිසක් මෙම ක්‍රීඩාංගණය බඹර වද ඇති බව නොදන්නා බවත්, ක්‍රීඩාකරන අවස්ථාවලදී බඹරුන් ඇවිස්සෙන විට ක්‍රීඩකයන් ඇතුළුව තමන් පිටියේ දිගාවන බව එහි කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

මේ දක්වා බඹර ප්‍රහාරයක් එල්ල වී නොමැති නමුත් මේ දිනවල පවතින අධික රශ්මිය හේතුවෙන් දිවා කාලයේ දී බඹරුන් ඇවිස්සීමට හැකි බවද ඔවුහු කියති.

වර්ෂ 2009 දී විවෘත කරන ලද පල්ලකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ප්‍රේක්ෂකයන් 35,000 ක පිරිසක් යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරගයක් ඉදිරියේ දී මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka