gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය විදුහල්පතිනිය පුස්තකාලයේදී වැටී මිය ගිහින්

පොල්පිතිගම දොරවේරුව ටි.බි. විජේසූරිය කනිෂ්ඨ විද්‍යාලයේ නීයොජ්‍ය විදුහල්පතිනිය පාසල් පුස්තකාල කාමරයේ වැටී සිටියදී පාසලේ ගුරුවරු මැදිහත් වී දිසා රෝහලට ඇතුළත් කීරිමෙන් අනතුරුව මියගොස් ඇනී බව පොල්පිතිගම පොලීසිය කීයයි.

මෙසේ මියගොස් ඇත්තේ සී.ඩී. රේණුකා කාන්ති නැමැති පනස්තුන් හැවිරිදි පාසල් ගුරුවරියකි.

මේ දිනවල පාසලේ වාර විභාග පැවැත්වෙන බැවින් අනෙකුත් ගුරුවරු එම කාරියයන්වල නිරතව සිට ඇත. මෙම ගුරුවරිය වැටුණු වේලාවක් පිළිබද කිසිවෙක් නොදන්නා අතර පසුව පාසල් සිසුන් පිරිසක් දැක විදුහල්පතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. ඒ වන විට ඇයගේ හිසෙන් ලේ වහනය වෙමින් තිබෙන නිසා මෘත දේහය වැඩිදුර පරික්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට පියවර ගත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. පොල්පිතිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka