gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් කසුන්ගෙන් අධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන මහතා විසින් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ
ස්ථානාධිපතිවරයා නම් කර ඇත.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබා දීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටී.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි. එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka