gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුකියෙ රඟන බාල වයස්කරුවන් ගැන පොලීසිය සීරුවෙන්

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ පතුරුවන බාල වයස්කරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර අනුගමනය කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එවැනි බාලවයස්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයක් මගින් පරීක්ෂණ සිදුකරන බවයි.

බොහෝ අවස්ථාවල සිය දෙමව්පියන්ගේ සහ
වැඩිහිටියන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසෙන පාසල් ළමයින් වෛරී ප්‍රකාශ පතුරුවන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

මේ වනවිටත් බාලවයස්කරුවන් තුන්දෙනෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙරට පවතින නීතියට අනුව මෙවැනි වැරදි සිදුකරන පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මගින් වසර 7 කට නොවැඩි සිර දඩුවම් පැමිණවීමේ  ප්‍රතිපාදන පවතින බවයි පොලීසිය සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka