gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකාන්තයට දැලක් එළයි

හෝර්ටන්තැන්න ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පවසයි.

ජර්මන් ජාතික ජූලියා හෙල්ගා නමැති විදේශික කාන්තාව පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී කන්දෙන් පහළට වැටී මිය යාමෙන් අනතුරුව ලෝකාන්තය
නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ප්‍රදීප් කුමාර මහතා කීය.

හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට වසරකට දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් පැමිණෙන බවත් එසේ පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන අවස්ථාවේම ආරක්ෂාව පිළිබඳව සැලකිලමත් වන ලෙස එම සංචාරකයන් දැනුවත් කිරීමට විවිධ ක්‍රම මඟින් කටයුතු කර ඇති බවත් ප්‍රදීප් කුමාර මහතා කීය.

මෙහිදී සංචාරකයන් සමඟ පැමිණෙන ඇතැම් මඟ පෙන්වන්නන්, හෝර්ටන්තැන්න ප්‍රවේශ කවුළුවේ සිට විශාල දුරක් ලෝකාන්තයට පයින් ගමන් කිරීමට ඇති නිසා එම සංචාරකයන්ව පමණක් තනිවම එම ස්ථානයට යවා එම මඟ පෙන්වන්නන් ප්‍රවේශ කවුළුව අසල නතර වන බවද ඔහු කීය.

යුද හමුදා කඳවුරුවල දැනට භාවිත කරන පරිසර හිතකාමී එම ආරක්ෂිත දැල් ලෝකාන්තය නැරඹුම් ස්ථානයට පහළින් ස්ථාන දෙකක මීටර් 80 පමණ දිගට එම ආරක්ෂිත දැල එළීමට සැලැසුම් කර ඇති බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ භාරකාර ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka