gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌරු කොටු නිසා ජාඇල වැනසෙයි

ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වසම් 33 ක අනවසර ඌරු ගොවි පොළවල් 119 ක්‌ සහ නීතිගත නොවූ ඌරු ඝාතකාගාර 19 ක්‌ පවත්වාගෙන යන බව වාර්තා වී ඇති බව ජාඇල ප්‍රාදේශීය ලේකම් ඊ.ඇම්.බී. ජයසුන්දර මහතා පවසයි.

මේ අනවසර ඌරු කොටුවලින් බැහැර වන අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස අවට පරිසරයට මුදාහැරීමෙන් ප්‍රදේශවාසී එදිනෙදා ජන ජීවිතයට සහ පරිසරයට දැඩි හානි සිදුකරවමින් ජනතාව පීඩාවට පත්ව ඇති බවට
පැමිණිලි රැසක්‌ ලැබී ඇති බව ද ඒ පිළිබඳව ජාඇල නගර සභාවත් ජාඇල ප්‍රාදේශීය සභාවත් දැනුවත් කළ බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිද්මිකා ප්‍රේමතිලක මහත්මිය පවසා සිටින්නේ ඌරු කොටුවලින් නිකුත්වන ඌරන්ගේ මළ අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය මගින් විශේෂයෙන් ළදරුවන් මොළේ උණ රෝගයට ගොදුරුවීමේ වැඩි අවකාශයක්‌ ඇති බවය.

ජාඇල නගර සභාවේ නාගරික මන්ත්‍රි ස්‌ටෙෆනි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දැනටමත් වෑවල පෙදෙසේ ඌරු කොටු අසල ජීවත්වන දරුවන් කීප දෙනෙකු මොළේ උණ රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබා ගන්නා බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka