gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩා දැරියන් දෙදෙනෙක් වන අලියෙකුට බිලි වෙයි

මහියංගන පගරගම්මන ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වන අලි පහරදීමකින් එකම පවුලක ඥාති සොහොයුරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගන පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහියංගන අංක 41 රෝහණ මාපාකඩ පදිංචි පගරගම්මන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අන්වර් උම්මා රාෂීයා (11) සහ
ෆාතිමා රිස්කා (09) නැමැති ඥාති සොයුරියන් දෙදෙනෙකි.

ගම්මානය වෙත කඩා වැදුණු වන අලියකු මෙම දැරියන් පදිංචිව සිටි නිවසේ බිත්තියක් පෙරලා දමා ඇති අතර ඔවුන් නිවසින් එළියට පැන දිව යාමට සැරසෙද්දී දැරියන් දෙදෙනාට අලියා පහරදී ඇත.

සිද්ධියෙන් පසුව දැරියන් දෙදෙනා වහාම මහියංගන රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

දැරියන් දෙදෙනා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදු කිරීමට නියමිත අතර මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර මහියංගන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ හා ඒ අවට ගම්වාසීන් 500 ක පමණ පිරිසක් අද (23) උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව මාපාකඩ ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියි සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka