gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ මාර්ග රැසක්‌ මුහුදු ජලයෙන් යට වෙයි

යාපනයේ ප්‍රදේශ කීපයක මාර්ග පෙරේදා (28 දා) සවස සිට මුහුදු ජලයෙන් යට වීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතුවල යෙදීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

 යාපනයේ වඩමාරච්චි, තොණ්‌ඩමනාරු හා අච්චුවේලි යන ප්‍රදේශවල මාර්ග මේ අන්දමට මුහුදු ජලයෙන් යට වී ඇති අතර පෙරේදා රාත්‍රියේ වඩමාරච්චි මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක තත්ත්වයකට
පත්වූ බැවින් කිසිදු අයකු එම මාර්ගයේ ගමන් නොකළ බවද යාපනයේ වැසියෝ කියා සිටිති.

 මේ වනවිට එම මාර්ගයේ මුහුදු ජලය බැසගොස්‌ ඇතත් තොණ්‌ඩමනාරු හා අච්චුවේලි යන පළාත්වල මාර්ග තවමත් මුහුදු ජලයෙන් යට වී පවතී.

 පසුගිය වසරේ ද යාපනයේ මාර්ග රැසක්‌ මුහුදු ජලයෙන් යට වී සතියක පමණ කාලයක්‌ වතුර නොබැස තිබූ බව යාපනයේ වැසියෝ පවසති.

 වඩමාරච්චි වැසියන් කියා සිටින්නේ මාර්ග බොහොමයක්‌ මුහුදු ජලයෙන් යටවීමේ අවදානමකට වසර කීපයක්‌ තිස්‌සේ ලක්‌වී තිබීම පිළිබඳව මීට වසර දෙකකට ඉහත දී උතුරු පළාත් සභාවට දැනුම් දුන්නත් මේ දක්‌වාම ඒ පිළිබඳව කිසිවක්‌ සිදු නොවූ බවයි.

 පළාතේ ජනතාව පළාත් සභාවෙන් ඉල්ලා ඇත්තේ මෙම මාර්ග සඳහා පාලම් ඉදිකිරීමත් මහා මාර්ග උස්‌ කොට ඉදිකිරීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka