gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට බොරු තොගයක් කියලා

මාතර ලඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ මිකිජ සෞන්දර්ය පැවසීමත් සමග අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්
සැකකාර ශිෂ්‍යයා‍ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ලබාගත් අවසරය මත, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ පහලවිටියල කුරුදුවත්තකට අද රැගෙන ගොස් තිබෙනවා. 

පොලිසියට කරන ලද පාපෝච්ඡාර‍ණයේ දී මෙම සැකකාර සිසුවා පවසා තිබුණේ එම ‍ඝාතනයට යොදා ගත් පිහිය පහලවිටියල කුරුදු කැළයක සඟවා ඇති බවයි. ඔවුගෙන්  ලද ප්‍රකාශය අනුව මාතර අපරාධ අංශයේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක එච්. ජේ. කේ.එන්. එස්. විජේරාම ගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් යටතේ එම ඉඩමට රැගෙන ගියේද සිසුවාගේ පොපෝච්ඡාරණවලට අනුව එම ඉඩමේ පිහිය නොතිබුණු බව පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

රසිදු ගිම්මාන ඝාතනය කළ දින රාත්‍රියේ එහි ප්‍රධාන සැකකරු සිටියේ පහල විටියල කුරුදු කැළයක බවත්, එම ඉඩමේ ඇති පොල් ගස්වලින් කුරුම්ඹා කඩාගෙන බී බඩගිනි නිවාගත් බව පැවසුව ද සැකකරු විසින් පොලිසිය රැගෙන ගිය ඉඩමේ එකම පොල් ගසක් හෝ නොතිබුණු බව ද, සැකකරු පොලිසියට බොරු ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිසිය පවසයි. පසුව අද ඔහු පොලිසියට පවසා ඇත්තේ එම පිහිය අසල ඇති ගඟකට දමා ඇති බවයි. ඒ අනුව අද එම ප්‍රදේශය ‍සෝදිසියෙන්ද පිහිය සොයා ගැනීමට නොහැකිව සැකකරු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

සැකකරු දෙසැම්බර් 03 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka