gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් රවින්ද්‍ර නිහඬයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය සුවදුක් විමසීමට පැමිණෙන කිසිවෙකු හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පිටතින් ආහාර රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ද හෙතෙම කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

ඒ අනුව මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාරය තුළ
හුදෙකලාව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටී.

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (28) රාත‍්‍රියේ පළමුව රැගෙන ගොස් තිබුණේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයට වන අතර එහිදී වෛද්‍ය පරීක්‍ෂණයකට ද ලක් කෙරුණි. ඔහු පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරු කළේය.

මේ වන විට ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බවත් ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් එවැනි තීරණයක් ගෙන ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් පවසයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකු වන දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ලූතිතන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල විය.

ඒ අනුව ඔහු ලබන මස 5 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka