විග්නේෂ්වරන් ගේ ආරක්‍ෂාව ඉවතට

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට සපයා තිබූ ආරක්‌ෂාව 27 දා සවස සිට ඉවත් කොට ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

 යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස්‌ දැක්‌වූ සී. වී. විග්නේෂ්වරන් මහතා 28 දා කියා සිටියේ තමන් මේ පිළිබඳව පොලිස්‌පතිවරයාට ලිපියක්‌ මඟින් දැනුම් දෙන බවයි.

 හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස්‌
ආරක්‌ෂාවක්‌ සපයාදිය යුතු බව පවසන විග්නේෂ්වරන් මහතා පවත්නා නීතිරීතිවලට පටහැනිව රජය කටයුතු කොට ඇති බව ද කියා සිටියේය.