gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරි ගොවීන් ව්‍යාජ කිරි සමාගමකට රැවටිලා…

යාපනය උඩුවිල්හි පාරම්පරික කිරි ගොවීන් රැසක් ව්‍යාජ කිරි සමාගමකින් බාල කිරි දෙනුන් අධික මිලකට ලබා දීම නිසා එම ගොවීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට කිරි ගොවීහු කියා සිටිති.

උඩුවිල් කිරි නිපදවන්නන්ගේ සංගමයේ එස්. මුරුගානන්දන් මහතා කියා සිටියේ තම ප්‍රදේශයේ කිරි ගොවීන් සතියකට කිරි ලීටර් 3800ත් 4300 ත් අතර ප්‍රමාණයක් කිරි දෙනුන්ගෙන් ලබා ගත් බවටත්
ඒ අතර තුර එක්තරා සමාගමකින් පැමිණ උඩුවිල්හි ගොවීන් රවටා එම කිරි ලීටර් ප්‍රමාණය සතියකට ලීටර් 11,000 ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය කිරි දෙනුන් ලබා දීමට හැකි බවටත් ගොවීන්ගේ විශ්වාශය වැඩි වීමට වීඩියෝ දර්ශන පවා පෙන්වා ඇති බවටයි.

මේ හේතුව නිසා උඩුවිල්හි ගොවීන් රැසක් තමන්ට මෙතෙක් සිටි ගවයින් ඇතුලු කිරි දෙනුන් විකුණා රුපියල් 90,000 ක් වැනි අධික මිලකට අදාල කිරි සමාගමෙන් කිරි ගවයින් මිලදී ගෙන ඇති නමුත් එම ගවයින්ගෙන් මේ වන විට මුලන් ගොවීන්ට සිටි කිරි දෙනුන්ගෙන් ලැබුනු කිරි ලීටර් ප්‍රමාණයවත් ලබා ගැනීමට නෙහැකි තත්වයක් උද්ගතව ඇති වීමෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින බවටද සභාපති වරයා කියා සිටියේය.

මේ පිළිබඳව කිරි ගොවීන් විසින් අදාල කිරි සමාගමට දැනුම් දීමෙන් පසුව එම සමාගමෙන් පවසා ඇත්තේ එම චෝදනාව පිළිගත නොහැකි බවටත් ඉතා ඉක්මනින් ඒ පිළිබඳව සොයා බැලීමට යාපනයට පැමිණෙන බවටයි.

නමුත් උඩුවිල් කිරි සංගමේ සභාපති වරයා කියා සිටන්නේ මේ වන තුරුත් අදාල සමාගමේ කිසිවෙකුත් පැමිණ පරික්ෂාවක් නොකළ හෙයින් ඉදිරියේදී අදාල කිරි සමාගමට එරෙහිව නඩු මගට පිවිසෙන බවටයි.

- lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka