gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය කෞතුකාගාරය ජාවාරම්කරුවන් අතට

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව දුම්රිය වෘත්තීය සමති සන්ධානය පවසයි.

ඔවුන් පවසන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන, ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම්කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා
ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා කටයුතු කිරීමේදී මෙම හානිය සිදුකර ඇත.

මෙම ජාවාරම්කරු මුදල් වැයකර, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කාර්යයට යොදවා ගෙන ඇති බව දැනගැනිමට ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත‍්‍ර සූත‍්‍ර ද යොදාගෙන සිදුකරන මෙම විනාශය වහාම වැලැක්විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

දැනටමත් එස්. 3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇති අතර, ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා ඇත. තවත් පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇත.

දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසල් දරුවන් වෙනුවෙන් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිිටින එම සන්ධානය ඉතාමත් ව්‍යාජ ලෙස එම අරමුණම පෙන්වා, සිදුකරන ජාවාරම් වහාම නතර කරන ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහල මණ්ඩලයක් පත්කර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka