gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා.

ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එලෙස විරෝධය පළ කළේ පාර්ලිමේන්තු
තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරිමේදී එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලබා නොදීම හේතුවෙන්. එහිදී කතානායකවරයා කටයුතු කර තිබුණේ එක්සත් ජාතික පෙරමුණ හා සමාන සාමාජික සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයටද ලබා දීමටයි.

මේ අතර ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන පැවසුවේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එක්වන බවයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් සහභාගී නොවන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන  කියා සිටියේ. නීතිවිරෝධී කථානායකවරයා ගෙනයන වැඩපිළිවෙල නතර කරන තුරු  ඊට සහභාගී වීමට බලාපොරොත්තුවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka