gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලම උදා ගම්මානවල වැඩ ඇනහිටී

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද උදා ගම්මාන 53 ක වැඩ කටයුතු අතර මග නතර වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන රජය විසින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ උදා ගම්මාන 57 ක් ආරම්භ කළ අතර එම උදා ගම්මාන තුළ නිවාස 1100 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව තිබුණි. එසේ ආරම්භ කරන ලද උදා
ගම්මාන අතරින් ජනතා අයිතියට පත් කර ඇත්තේ ගම්මාන 03 ක් පමණි.

ඒ අනුව නාත්තන්ඩිය,වනාතවිල්ලුව සහ නවගත්තේගම ඉදිකරන ලද උදා ගම්මාන ජනතා අයිතියට පත් කර ඇත. එම ගම්මාන වල නිවාස 144 ක් ඉදිකර තිබේ. දැනට වැඩ කටයුතු අවසන් කර ඇති නිවාස 31 කින් සමන්විත කරුවලගස්වැව - පුලියන්කුලම ප්‍රදේශයේ උදා කළ ගම්මානයක් මේ වන තුරු ජනතා අයිතියට පත් කර නැත.

දැනට අතර මග නතර වී ඇති උදා ගම්මාන 53 හි නිවාස බොහෝමයක වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇත. එම නිවාස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 05 ක ණය මුදලින් කොටසක්ද නිවාස හිමියන්ට පිරිනමා ඇත. ඉතිරි මුදල් නිවාස හිමියන්ට ලබා දීම සදහා ප්‍රධාන කාර්යාලයෙන් අනුමැතියක් මෙතෙක් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

නිවාස අධිකාරියෙන් ලබා දෙන බව පැවසූ ණය මුදල නිසි පරිදි නොලැබීම නිසා තමන් අතර මංවී සිටින බව නිවාස හිමියන් සඳහන් කරයි. මේ අතර නිවාස අළුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක් බැගින් පුත්තලම දිස්ත්‍රික්කයේ 600 කට වැඩි ප්‍රමාණයක් සඳහා විසිරි ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට මුදල් ලබා දීමටද නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

නිවාස ණය මුදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇතත්,ලබා දුන් ණය ආපසු අය කිරීම් කටයුතු නිසි පරිදි සිදු කරන බවද අප කළ විමසුමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියා සඳහන් කර සිටියේය.

ජුඩ් සමන්ත‍ - පුත්තලම



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka