gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාරමීගේ නිවාස සිහිනය බොඳවෙන ලකුණු

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට ප්‍රථම වතාවට ලෝකඩ පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවාස සිහිනය බොද වී යන ලකුණු මේ වන විට පහළ වී ඇත.

හලාවත - අඹකදවිල පදිංචිව සිටින පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කොළඹ ප්‍රදේශයෙන් නිවසක් ලබා දීමට හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පොරොන්දු විය. ඒ පාරමීගේ නිවසට ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා
විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව නාගරික ජනාවාස අධිකාරිය විසින් මෙම නිවස ලබා දීමට නියමිතව තිබුණි.

පිරිනැමීමට යෝජිත නිවාසය සම්බන්ධයෙන් වූ හිමිකම් පත පසුගිය 31 වැනිදා කරුවලගස්වැව ප්‍රදේශයේ උදා ගම්මානයක් විවෘත කරන අවස්ථාවේදී ප්‍රදානය කිරීමට නියමිත තිබුණි. එම උදා ගම්මානය විවෘත කිරීමද මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

ඒ අතර පාරමී වසන්ති පදිංචිව සිටින හලාවත - අඹකදවිල පිහිටි නිවස අළුත්වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කරන ලෙසද හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතා නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම නිවාසය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කරන ලදි.

නමුත් මේ වන විට එම නිවස ප්‍රතිසංස්කරණය කිරීම සදහා වෙන් කර ඇත්තේ රුපියල් ලක්ෂ 07 ක් පමණක් බව අප කරන ලද විමසුමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

ජුඩ් සමන්ත‍ - පුත්තලම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka