gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෝටල්කරුවන්ගේ සංගමයෙන් නැවතත් ඉල්ලීමක්

තමන්ට අපනයන තත්ත්වය ලබා දෙන ලෙසටත්, ඉහළ ප‍්‍රතිලාභ සහිත සංචාරක වෙළෙඳපොල වෙනුවෙන් වීසා රහිත ගමන් පහසුව සලසා දෙන ලෙසටත් ශී‍්‍ර ලංකා හෝටල්කරුවන්ගේ සංගමය නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මහින්ද රාජපක්ෂ සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී සංගමයේ සභාපති සනත් උක්වත්ත
එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ඉන්දීය, චීන, මැදපෙරදිග, යුරෝපා සංගම් සහ බි‍්‍රතාන්‍ය සංචාරකයින් සඳහා වීසා නොමැතිව මෙරටට සංචාරය කිරීමේ පහසුකම සලසා දීමේ වැදගත්කම එහිදී අවධාරණය වූ බව ශී‍්‍ර ලංකා හෝටල්කරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, තමන්ට අපනයන තත්ත්වය ලබා දෙන ලෙසටත්, කලාපයේ තරගකාරීත්වයට බාධාවක්ව පවතින ඉහළ බදු පහත දමන ලෙසටත් ඉල්ලීම් ඉදිරිපත් කොට තිබේ.

මෙරට පවතින දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳා නොගන්නේ නම්, ඉදිරි සිසිර සමයේදී සංචාරක ක්ෂේත‍්‍රයට එය අහිතකර ලෙසින් බලපානු ඇති බව සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් සංචාරකයින් මිලියන 2.25ක් ආකර්ශණය කර ගැනීමේ හා ඩොලර් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම අවිනිශ්චිතව තිබෙන බවද එහිදී පෙන්වා දුන් බව නිවේදනයෙහි දැක්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka