gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔස්ටේ‍්‍රලියානු රජයෙන් යළි සිහිකැඳවීමක්

නීතිවිරෝධීව බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට පැමිණිමට හැකි බවට දන්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ මිනිස් තැරැව්කරුවන් සිදුකරනු ලබන ප‍්‍රකාශයන්ට නොරැවටෙන ලෙස මෙරට පිහිටි  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් යළිත් දැනුම් දෙනවා.

ඉකුත් වසර 05 ක කාලය තුළ  ඕස්ටේ‍්‍රලියානු රජය සිය දේශසිමා ආරක්ෂණ වැඩපිළිවල ක‍්‍රියාත්මක කිරිමත් සමග කිසිදු පුද්ගලයෙකුට අනවසරයෙන්
බෝට්ටු මගින් තම රටට ඇතුල්විමට ඉඩ ලබා නොදුන් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 2013 වසරේ සිට මේ දක්වා ඔස්ටේ‍්‍රලියානු රජය සිය ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක්ව නිතිවිරෝධි අයුරින් සිය රටට ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවන් 78කදි පුද්ගලයින් 2525ක ගේ උත්සහයන් ව්‍යර්ථ කර තිබෙනවා. එහිදී පුද්ගලයින් 614 දෙනෙක් අත් අඩංගුවට ගත් බවයි ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ.

සංක‍්‍රමණික නිතිය ක‍්‍රියාත්මක කිරිමට ආරම්භ කළ 2013 වසරේ සිට අනවසරයෙන් ඔස්ටේ‍්‍රලියාවට ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයින් 827 දෙනෙක් අවස්ථා 34 කදි පිටුවහල් කළ බවද එම නිවේදනයේ සඳහන්.  ඉන් 166 දෙනෙකු ශ‍්‍රි ලාංකිකයින් බවයි ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka