gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපන සුදුසුකම් ගැන සන්ධාන මන්තී‍්‍රවරුන් කතා කරයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැසකගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දිනවල විවිධ අදහස් පළ වුණා. ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ පෙර රැකියා සම්බන්ධයෙන්ද මෙහිදී විවිධ අදහස් පළ වූ අතර ඊට බොහෝ දෙනාගේ අවධානයද යොමු වී තිබුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත සම්බන්ධයෙන්ද එවැනි
තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

සමාජ ජාල වෙබ් අඩවි වල පළ වෙලා තිබෙනවා මගේ රැකියාව කසිප්පු පෙරෙන එක වගේම මගේ අධ්‍යාපනය 4 වසර දක්වා කියලා. මගේ පවුලේ ආදායම් මාර්ගයට ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් තිබෙනවා අක්කර 200 ක විතර, ඒ වගේම මගේ අධ්‍යාපන සුදුසුකම් බලා ගන්න අවශ්‍ය නම් මීගමුවේ සාන්ත මරියා පාසලට ගියා නම් ඔය චෝදනා කරන අයට අවශ්‍ය විස්තර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබලා නැතුව දේශපාලනය කරන්න ආවා නෙමෙයි රට වෙනුවෙන් කතා කරන්න කරු ජයසුරිය කියන කථානායකවරයා නැති කරන්න හදන රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් දෙන්නයි මම උත්සහ කරන්නේ, මන්ත්‍රිවරයා කියා සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළව තිබුණා. එම වාර්තාවලට ඔහු දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

සමාජ ජාලා වෙබ් අඩවි මගින් අවශ්‍ය කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් අපේ සමාජ තත්ත්වය වගේම අධ්‍යාපන මට්ටම ගැන ඉතා පහත් ලෙස සඳහන් කරලා පණිවිඩ පළකරලා තිබුනා. එසේ ප්‍රචාරය කළ පුද්ගලයා ගේ ෆේස්බුක් ගිණුම ගැන කළ සොයා බැලීමේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන අයෙක් බව පෙනී ගියා. ජනතා විමුක්ති පෙරමුණ සිය පාක්ෂිකයින් මෙවැනි වැඩ සඳහා යොදා ගනිමින් සිටිනවා. ඒ වගේම පැහැදිලිව කියනවා මම ගොඩකවෙල රාහුල විදුහලේ 12 වසර දක්වා අධ්‍යාපනය ලබලා පසුව දෑ අවුරුදු කෘෂි කර්ම පාඨමාලාවක් හදාරලා තිබෙනවා. මගේ පවුල් පසුබිම ගැන හෝ අධ්‍යාපනය ගැන මේ වගේ කියන්න අවශ්‍ය නැති බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka