gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් අඩවිය බිදවැටීමට හේතුව මෙන්න !

ෆේස්බුක් අඩවිය බිදවැටීම කාර්මික දෝෂයක් බවත්, ලංකාව තුල කිසිදු ෆේස්බුක් තහනමක් නොමැති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය (SRI LANKAN TRANSLATION COMMUNITY) අවධාරණය කර සිටියි.

එම සංවිධානයේ සභාපත් රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින්
එබව කියා සිටියි.

ඔහුගේ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම බිදවැටීමට පත්වී දවසක් යාමට මත්තෙන් ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ දින එනම් 20/11/2018 ලොව පුරා බිදවැටිමකට ලක්වුණා.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි අතර මෙම තත්වයට වැඩි වශයෙන් මුහුණපා ඇත්තේ යුරෝපය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්හි වාසය කරන ෆේස්බුක් සමාජ ජාල පරිශිලකයන්ටය.

වන විට යම්තාක් දුරකට ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් බිදවැටීම ෆේස්බුක් ආයතනය මගින් යතාතත්වයට පත්කොට ඇති අතර එහෙත් තවමත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන අඩවි ඉතාමත් මන්දගාමී ස්වරූපයක් ගනී.

විශේෂයෙන්ම ෆේස්බුක් අඩවියට පිවිසීමට දිගු වෙලාවක් ගතවීම හා ඡායාරූප දිගහැරීමට ගතවන කාලය ඉතාමත් මන්දගාමී වීම එලෙස දැකගත හැකිය.

“ෆේස්බුක් තහනම්”

මෙසේ ෆේස්බුක් බිදවැටීම නිසා එම අඩවිය මන්දගාමී තත්වයට පත්වීම සමහර ශ්‍රී ලාංකික පරිශීලකයන් තම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් සිදුකල “ෆේස්බුක් තහනම්” ක්‍රියාවක්දැයි සැක පල කරයි.

මේ අතර මෙලෙස ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් යන සමාජ ජාල අඩවි බිදවැටීමත් සමගම යම් යම් පිරිස් “ශ්‍රී ලංකාවට ෆේස්බුක් තහනමක්” නමින් අසත්‍ය ප්‍රචාර පතුරාලීමේ හැකියාවක් පවතින අතර මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (ෆේස්බුක්) ලෙස අප සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටින අතර මෙම බිදවැටීම හා මන්දගාමී වීම ෆේස්බුක් ආයතනයෙහි හටගත් කාර්මික දෝෂයක් නිසා සිදුවූවක් බව නැවතත් ජනතාවට අවධාරණය කරන්නෙමු.

මෙම බිදවැටීම නැවත යතාතත්වයට පත් කිරීමට ෆේස්බුක් ආයතනය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අප සංවිධානය ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශයට පත් කරමු.''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka