gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවතා සිටි යතුරුපැදිකරු යටකරමින් වාහනය ධාවනය කළ හැටි (VIDEO)

ඉකුත් (23) වෙනිදා කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේදී යතුරුපැදිකරුවෙකු යටකරමින් ධාවනය කළ වෑන්රථ රියදුරු යළිත් දෙසැම්බර් 07 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක
අද (26) නියම කළා.

එලෙස යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කළේ සචින් සමීර කාංචන ජයසූරිය නැමැති මීරිගම ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරෙන් පසු සැකකරු පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට තිබුනා.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර එ්කකයේ මේවන විටත් ප‍්‍රථිකාර ලබන්නේ නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය වූ අයුරු කුලියාපිටිය සුහද එක්සත් වෙළඳ සංගමයේ ආරක්‍ෂිත කමරාවල සටහන්ව තිබූ අතර එම දර්ශනද පොලිසිය අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කරුණු සහ ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබු දර්ශන නැරඹීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka