gossip lanka

අපි පරාජය වුණේ සුළු සුළු වැරදි නිසයි - චන්දික හතුරුසිංහ

ලංකාව සිය මව්බිමේදී එංගලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජය වුවත් ඉදිරියේදී ඇති තරගාවලිවලදී මීට වඩා දක්ෂතා දැක්වීමට හැකියාවක් තම කණ්ඩායම සතුව ඇති බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. තරගාවලිය පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා පුහුණුකරුවා මෙම අදහස් පළ කර සිටියේය. මම දකින්නෙ පිතිකරණයේ යෙදීම කණ්ඩායම් දෙකටම මෙවැනි තණතීරුවක අමාරුයි. හොඳ ආරම්භයක් ගත්ත හැම කෙනෙක්ම ලකුණු අතරට ආවා.
දෙවැනියට පන්දුවට පහර දෙනකොට සහ හතරවැනියට පන්දුවට පහර දෙන කොට තණතීරුව තවත් අමාරුයි. මම හිතනවා ඉදිරියට තියෙන තරගාවලිවලදී අපිට තියෙන තත්ත්වයන් බැලූවහම මීට වඩා දක්ෂතා දක්වන්න පුළුවන් වේවි කියලා’ යනුවෙන් හතුරුසිංහ සඳහන් කර සිටියේය.

ශ‍්‍රී ලංකාවේ තණතීරු සකසන්නේ ශ‍්‍රී ලංකාවේ වාසියටය. නමුත් අමාරු තණතීරුව සැකසූ සත්කාරකයන්ටම එහි ඵල විපාක අත්විඳීමට සිදුවූයේ අනුන්ට කපපු වළේ තමන් වැටෙන්නාක් මෙනි. ශ‍්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණු ලාභියා වූයේ දිමුත් කරුණාරත්නය. ඔහු සමස්ත තරගාවලියේ දෙපිලේම පිතිකරුවන් අතර දෙවැනි වූයේ එංගලන්ත ක‍්‍රීඩක බෙන් ෆෝක්ස්ට පමණි.

ෆෝක්ස් ශතකයක් සහ අර්ධ ශතකයක් සමග මුළු ලකුණු 277 ක් ලබා තරගාවලියේ වීරයා වෙද්දී කරුණාරත්න අර්ධ ශතක තුනක් සමග මුළු ලකුණු 256 ක් වාර්තා කළේ ඉනිමක සාමාන්‍ය 54.46 ක් වශයෙන් සටහන් කරමිනි. දිමුත් කරුණාරත්නට පසු ඉනිමක සාමාන්‍ය 40 ක් හෝ රඳවා ගැනීමට මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා එකදු පිතිකරුවකුට හෝ නොහැකි විය. මේ සම්බන්ධයෙන් හතුරුසිංහ පවසන්නේ මෙවැනි අදහසකි. ‘මේ ටික තමයි අපිට ලංකාවේ ඉන්න හොඳම පිතිකරුවන්’ යනුවෙනි.

සුළු සුළු වැරදිවලින් තරග පරදින බව සැබෑය. ශ‍්‍රී ලංකාවට සිදුවූයේද එවැනිම දෙයක් බව හතුරුසිංහ පවසයි.

පළමු තරග දෙක ගැන අපි කනගාටු වෙනවා. දෙවැනි තරග දෙක ගත්තහම අපි හොඳට කී‍්‍රඩා කළා. සුළු සුළු දේවල්වලින් තමයි අපිට පරාජය වෙන්න වුණේ. එ් කියන්නෙ පන්දු රැුකීම සහ පන්දු යැවීමෙන් තිබුණු දුර්වලතා වගේම පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා තමයි තරගාවලි ජයගන්න බැරි වුණේ. අපේ පැත්තට සුළු දේවල් නැඹුරු වුණානම් අපිට දිනා ගන්න තිබ්බා.’

මීළගට ශ‍්‍රී ලංකා පිල නවසීලන්තයේදී ටෙස්ට්- එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වේ. අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ සහ දකුණු අප‍්‍රිකාවේදීත් තරග කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේදී වැරදුණද ඉදිරියේදී මීට වඩා දක්ෂතා දක්වන බවට ශ‍්‍රී ලංකා පුහුණුකරුවා විශ්වාසය පළ කර සිටියි.

අපි නවසීලන්ත තරගාවලිය ගැනත් සැලසුම් කරලා තියෙනවා. එහෙ ගිහින් අපි තුන් දින තරගාවලියකට සහභාගි වෙනවා. ඊට පෙර ලංකාවේදීත් පුහුණුවීම් කරනවා. එ් කාලයේදී අපි උපරිම ප‍්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට නවකයන් ආවට කණ්ඩායමේ ස්ථානය දෙන්න ඕන එයාට ඉස්සල්ලා ඊළඟට හිටපු එක්කෙනාට. එ්ක තමයි මගේ අදහස. එ් නිසා තමයි චන්දිමාල් සහ අකිල වෙනුවට ගෙනාපු නවකයන්ට ක‍්‍රීඩා කරන්න බැරි වුණේ.

එංගලන්ත පරාජයත් සමග ලංකාව ශ්‍රේණිගත ලැයිස්තුවේ තවත් පහළට

එංගලන්තය සමඟින් පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම හේතුවෙන් 6 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශේ්‍රණිගත ලැයිස්තුවේ එක් පියවරක් පහළට වැටීමට ශ්‍රී ලංකා පිලට සිදුව ඇති අතර එංගලන්තය උසස්වීමක් සමඟින් දෙවැනි තැනට පත්ව ඇත.

ඒ අනුව එංගලන්තය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 97ක් ලබා පාකිස්තානයට ඉහළින් හය වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම පරාජයත් සමඟින් ශේ්‍රණිගත ලකුණු 4ක් අඩු වී (ශේ්‍රණිගත ලකුණු 93) හත්වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව ඇත.

කෙසේ වෙතත් පාකිස්තානය හා නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය යම් හෙයකින් පාකිස්තානය පරාජයට පත්වුවහොත් (2-1ක් ලෙස) පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් 6 වැනි ස්ථානයට පැමිණීමට අවකාශය සැලසී තිබීමද විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශේ්‍රණිගත ලකුණු 105ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවූ එංගලන්තයට ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් ජයගැනීමට හැකියාව ලැබීම හේතුවෙන් ශේ්‍රණිගත ලකුණු 108ක් ලබා දෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා තිබීමද කැපී පෙනේ.

ඡායා - තාරක බස්නායක


gossip lanka