gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැඳවුම් බදුවලට දැමූ සූත්තරේ !

බැංකු ස්ථාවර තැන්පතු පොලියෙන් අය කළ 5%ක රැඳවුම් බද්ද දෙසැම්බර් 01 වැනිදා සිට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වෙනස් කරන බව මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියා සිටී.

කෙසේවුවද, මේ වෙනස් කිරීමට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තැන්පතු පොලිය සහමුලින්ම බද්දෙන් නිදහස් කිරීමට නියමිතය. ඊට අමතරව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර
තැන්පතුවලට ලැබෙන වාර්ෂික පොලී ආදායමෙන් රුපියල් ලක්ෂ 30ක් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ.

ඒ අනුව වැඩිහිටි පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම්වලට මසකට ලැබෙන රු.2,50,000ක් දක්වා වන පොලී ආදායම බද්දෙන් නිදහස් කෙරේ. ඉන් ඉහළ ආදායම් ලබන්නන්ගෙන් එම බදු අය කෙරේ.

එසේම වයස අවුරුදු 18ක් අවුරුදු 60ත් අතර කාණ්ඩයේ පසුවන්නන්ගේ බැංකු ස්ථාවර තැන්පතු පොලී ආදායමෙන් වසරකට රුපියල් ලක්ෂ 6ක් සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කර තිබේ.

මසකට රුපියල් 50,000ක් ස්ථාවර තැන්පතුවක පොලී ආදායම ලබන්නේ නම් එය බද්දෙන් නිදහස් කෙරේ. මසකට රුපියල් 50,000කට වැඩි ස්ථාවර තැන්පතු පොලී ආදායම් ලබන්නන්ගෙන් නියමිත ලෙස බදු අය කෙරේ.

කෙසේවුවද, ආර්ථික විශේෂඥයන් මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතාම කුඩාම ඒකකයක් සඳහා බවයි.

මෙතෙක් පැවති බදු ක්‍රමය වූයේ ඕනෑම තරාතිරමක කෙනෙකුගේ ස්ථාවර තැන්පතුවක් සඳහා ලැබෙන වාර්ෂික පොලී ආදායමෙන් 5%ක් රැඳවුම් බද්දක් ලෙස අය කිරීමයි.

මේ අතර, බැංකු පොලී ආදායම මත අය කරන බද්ද අවසානාත්මක බද්දක් ලෙස සලකන නිසා එම පොලී ආදායම මත කිසිවෙකුගෙන් නැවත ආදායම් බදු අය නොකෙරෙන බවද මහා භාණ්ඩාගාර ලේකම්වරයා කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka