gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බල්ලා බිල්ලට දී ඇඳ යට රිංගූවත් වැඩ වැරදිලා

රුපියල් දස ලක්ෂයක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු වග උත්තරකරුට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසිය දන්වා යැව්වත් වගඋත්තරකරු එය ගණනකට ගත්තේ නැත. එහෙත් පොලිසිය අවස්ථා කිහිපයකදීම ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවීය.


පැමිණිලිකරු ද පැමිණ තමාගේ පැමිණිල්ලේ පරීක්ෂණවල තත්ත්වය විමසන්නට විය. මේ අතර වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය
තීරණය කළේය. ඒ අනුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ මහතා ඇතුළු නිලධාරි පිරිසක් වගඋත්තරකරුගේ නිවසට ගියහ.

එහෙත් නිවසේ සිටි අය දොර ඇරියේ නැත. ඔවුන් කියා සිටියේ මිනී කන බල්ලෙකු සිටින නිසා දොර ඇරීමට බැරි බවය. බල්ලා ද මහ හඬින් බුරන්නට විය. මේ අතර අසල්වැසි නිවසක බල්ලෙකු ද ලිහා දැමීම නිසා පොලිස් නිලධාරිහු තවත් අපහසුවට පත් වූහ. එහෙත් පොලිසිය පසුබට වූයේ නැත.

බල්ලන් මෙල්ල කළ පොලිස් නිලධාරිහු වහා නිවසට ඇතුළු වූහ. එහිදී දැකගත හැකිවූයේ කාමරයේ ඇඳක් යට සඟව සිටි වගඋත්තරකරුය.

බල්ලන් මෙල්ල කළ පොලිස් නිලධාරිහු වගඋත්තරකරු ඇඳ යටින් එළියට ගෙන අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් අධිකරණයට ඉදිරිපත් කළහ. වගඋත්තරකරු රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


- lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka