gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සා.පෙ ලියන 25ක් අත්අඩංගුවට - සිසුවෙක් රෝහලේ

අම්පාර උහන පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි පාසලක 13වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භුමිය තුළ දී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් 25ක් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් පහර කෑමට ලක් වූ බව කියන සිසුවා ප‍්‍රදේශයේ රජයේ රෝහලකින් දින 02ක
කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ගෙන ඇති බව ද පොලිසිය කියයි.

ප්‍රේම සම්බන්ධතාවක් මෙම පහර දීමට හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මෙම සිසුවා සම්බන්ධතාවක් පැවැත්වූ බවට පැවසෙන සිසුවිය ඉගෙනුම ලබන පන්ති කාමරය ළඟට ගොස් සිටි අවස්ථාවේ මෙම පහර දීම සිදු වී ඇත.

එම පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව උහන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතා එම විදුහලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇත.

සැකකාර සිසුන් 25 දෙනා 2018 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා ඔවුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන ලෙස පහර කෑමට ලක් වූ සිසුවාගේ පියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එම සිසුන් 25 දෙනාට දැඩි ලෙස අවවාද කර මුදා හැරිය බව උහන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka