gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද මන්ත්‍රිවරුන්ට දැඩි ලෙස අවවාද කරයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ මන්තී‍්‍රවරුන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන්.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ආදර්ශවත් මන්තී‍්‍රවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙන
ලෙසට අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

කලහ කරමින් ඉදිරියට කටයුතු කළ නොහැකි බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ විසඳා ගත යුතු බවත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය තරුණ මන්තී‍්‍රවරුන්ගේ කීර්තිනාමයටද ගැටලූවක් විය හැකි බවටයි අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ මන්තී‍්‍රවරුන් එහිදී පවසා ඇත්තේ කතානායකවරයාගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් මෙම අර්බුධය හට ගෙන ඇති බවයි. එහෙත්, පවතින ගැටලූ විසඳා ගැනීමට ක‍්‍රමවේද ඇති බැවින් නීතිය අතට නොගෙන නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසටයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇත්තේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka