gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහවිරු උළෙලට දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් ඇඳගෙන ඇවිත්

යාපනයේ කෝපායි ප්‍රදේශයේ 27 දා පවත්වන ලද මහවිරු උළෙලට  දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් පැළදගෙන පුද්ගලයෙකු පැමිණ තිබේ.

මේ පිළිබදව ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී එම පුද්ගලයා අත් අඩංගුවට යන  විට ඔහු එම භුමියෙන් පලාගොස් තිබේ.

දැනට යාපනයේ ආරක්ෂක අංශ වලට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙවැනි ඇදුම් විශාල
ප්‍රමාණයක් මුද්‍රණය කොට විවිධ පළාත් වල මහවිරු උළෙලවල්  වලට සහභාගී වන පුද්ගලයින් අතර බෙදා දීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත.

නමුත් යාපනය දිසා විනිසුරුවරයා ලබා දුන් නියෝගයේ එවැනි සිතියම් භාවිත කිරීම තහනම් බව සැලවීමත් සමගම සංවිධායකයෝ එම ඇදුම ජනතාව අතර බෙදා දීමෙන් වැළකී තිබේ.

නමුත් කෙසේ හෝ එක් පුද්ගලයෙකු අතට එම ඇදුමක්  පත් වී ඔහු එම ඇදුම පැළදගෙන මහවිරු සමරු උළෙලට සහභාගී වී තිබේ.

යාපනයේ කෝවිලක මීට මාස පහකට ඉහතදී  පවත්වන ලද උත්සවයකදී විදුලි බුබුලු වලින් ආලෝක කොට මෙවැනි සිතියමක්  රැගෙන යාම මත යාපනයේ හත් දෙනෙකුට විරුද්ධව නඩුවක් ගොණු වී තිබියදී මෙවර මහවිරු උළෙලට නිර්මාණය කළ ඇදුමකට ඊළාම් සිතියම ඇතුළත් කොට ඇත.

යාපනය හා කෝපායි පොලීසි මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka