gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල්ලකින් පහර දි පියා ඝාතනය කර පුතා පොලිස් අත්අඩංගුවට…

පොල්ලකින් පහර දි පියා ඝාතනය කල පුතාව සැකපිට (28) අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

පහර දිමෙන් මිය ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කාසල්රි  ජනපදයේ පදිංචිව සිටි 73 හැවිරිදි සිව්දරු පියෙකි.

නිදියහනේ සිටි පියාට තම පුතා විසින් පොල්ලකින්
ඊයේ අලුයම 2 ට පමණ පහර දි ඝාතනය කර ඇති බවයි  නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ.

සැකකාර වැඩිමහල් පුතා අවිවාහකයෙකු බවත්, ඔහු මානසික රෝගයෙන් පෙලෙන්නෙකු බවත්, පුතාගෙන් නිතර නිතර තමන්ට හිරිහැර සිදු වන බවට පියා විසින් (27) නෝටන්බ්‍රිජ් පොලිසියට සිදු කල පැමිණිල්ලකට උරන පුතා විසින් මෙසේ පහර දි ඝාතනය කරන්නට ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය සැකකරන්නේ.

පහර දෙන අවස්තාවේ නිවසේ පියා සහ පුතා පමණක් සිට ඇති බවත්, මරණකරුගේ බිරිද ඊයේ රාත්‍රි ඥාති නිවසක රැදි සිට ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ.

මිය ගිය අයගේ සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන්  මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු  සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය

- lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka