gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියගේ තිසරපටයේ හෙරෝයින්

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියක පසුගියදා කුරුණෑගල වැව රවුමේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ඩී. එම්. සී. දිසානායක මහතා පවසයි.

කුරුණෑගල නගර සභාවට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක්‌ද වන මැය (අවු. 24) සිය අනියම් සැමියා සමඟ සිටියදී මෙසේ අත්අඩංගුවට
පත්ව ඇත. එහිදී ඇය තිසරපටය අස්‌සේ හෙරොයින් මි. ග්‍රෑ. 2840 සඟවා ගෙන සිට ඇති අතර ඇගේ අනියම් සැමියා සන්තකයේ හෙරොයින් මි. ග්‍රෑම්. 3200 ක්ද තිබී ඇත.

මෙම කාන්තාව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාඨමාලා කිහිපයක්‌ අධ්‍යයනය කර තිබෙන අතර මැය සහ මැයගේ අනියම් සැමියා මුස්‌ලිම් ජාතිකයන් බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක්‌ මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවට අවුරුදු 08 ක දරුවෙක්‌ සිටින අතර ඇගේ අනියම් සැමියා වන ත්‍රීවීල් රියදුරුට මාස කිහිපයක දරුවෙක්‌ සිටින බවත් මොවුන් දෙදෙනාගේම විවාහ ජීවිතය අසාර්ථක වී තිබෙන බවත් පොලිසිය පැවසීය.

මොවුන් දෙදෙනා ප්‍රසිද්ධ හෝටල්වල කාමර කුළියට ගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ යෙදී සිටින බවද, හෙරොයින් කුඩු පැකට්‌ කිරීමේදී ගල්කැටයක්‌ යොදා ගන්නා බවත් මත්කුඩු අවශ්‍ය අයට එම පැකට්‌ටුව විසිකර උපක්‍රමශීලීව මුදල් ලබා ගන්නා බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කර අඹුසැමියන් ලෙස හැසිරෙන වීඩියෝ දර්ශන ඔවුන් දෙදෙනා සතු ජංගම දුරකථනවල තිබී පොලිසිය සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් 07 වැනි දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගත කරන මෙන් කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka