gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ නීති විරෝධී ගබ්සා ඉහළට

උතුරු පළාතේ සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වැඩි වී ඇති බවත් පවසමින් ඊට විරෝධය පළකිරීම පිණිස වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක් වවුනියාව නගරයේ දී පසුගියදා විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයට සහභාගී වූ කාන්තා සංවිධාන නියෝජිතවරියන් කියා සිටියේ මේ තත්ත්වය මගහරවා ගැනීමට හෝ අවම කර ගැනීමට උතුරු
පළාතේ නීතිය ක‍්‍රියාත්මක වීම අඩු මට්ටමක පවතින බවයි.

යුද්ධය හේතුවෙන් ස්වාමිපුරුෂයින් අහිමි වූ කාන්තාවන් විශාල පිරිසක් උතුරු පළාතේ සිටින බව පෙන්වා දෙන එම කාන්තා සංවිධාන කියා සිටින්නේ ඒ වැන්දඹු කාන්තාවන් රවටන පිරිස් වැඩි වීමත් සමගම ඔවුන් ගැබ් ගන්නා ප‍්‍රමාණය ද වැඩි වී ඇති බවයි.

බොහෝ දෙනෙකු විවිධ කටයුතු ඉටුකොට දීම සඳහා උතුරේ මෙම වැන්දැඹු කාන්තාවන්ගෙන් අල්ලස් වශයෙන් ලබා ගන්නේ ලිංගික අල්ලස් බව කියන උතුරේ කාන්තා සංවිධාන මේ තත්ත්වය නිසා කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් අනපේක්ෂිත ලෙස ගැබ් ගන්නා බව සඳහන් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka