gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කථානායකට එරෙහි විරෝධතා.. උද්ඝෝෂණ..

පාර්ලිමේන්තු  මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් සහ කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඒක පාර්ශවික ලෙස ක්‍රියා කිරිම හේතුවෙන් ගිනිගත්හේන බස් නැවතුම්පොල අසල අද (24) උද්ඝෝෂනයක් පැවතුණා.

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්ද රාජ
මහතා විසින් මෙම උද්ඝෝෂනය සංවිධාන කර තිබුණි.

මෙම උද්ඝෝෂනයේදි අදහස් දැක්වු හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ දුෂිත පාලකයන්ගෙන් තොර යහපත් පාලන බලයක් මේ රට තුල ඇති කිරිමට නම් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත් විය යුතු බවයි.

කථානායක කරු ජයසුරිය මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා එහි  ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින්  පාර්ලිමේන්තුව තුල කටයුතු කරමින් සිටින බවයි.

එම නිසා මහ මැතිවරණයක් පවත්වා නව රාජයක් තුලින් නව කථානායකවරයෙක් පාර්ලිමේන්තුවට තොරා පත් කර ගත යුතු බවයි හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ.

මෙම උද්ඝෝෂනයට ගිනිගත්හේන ප්‍රදේශයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණයට සහයෝගය දක්වන ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka