gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හීනෙන් මැතිසබේ දැක රෝගියා යකා නටලා

නේවාසික රෝගියකු රාත්‍රියේ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් වාට්ටුවේ සිටි රෝගීන් කිහිපදෙනකු වාට්ටුවෙන් පැන දිව් පුවතක් මධ්‍යම පළාතේ රෝහලකින් වාර්තාවේ.


අදාළ රෝහලේ වෛද්‍ය ප්‍රකාශකයකු ප්‍රකාශ කළ පරිදි සිද්ධිය සැකවින් මෙසේයි.


මේ දිනවල පවතින වෛරස් උණ රෝගයකට
ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ ඇති මැදි වයසේ පසුවන අදාළ රෝගියා නැවතී සිටි වාට්ටුවේ රූපවාහිනී යන්ත්‍රයක්ද සවිකර ඇත්තේ රෝගීන්ගේ මානසික සුවය සඳහාය.


කෙසේ නමුත් රෝගීන්ගේ දැඩි පෙරත්තය නිසාම ඉකුත් දිනෙක මුළු දවස පුරාම රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කොට තිබී ඇත්තේ එදින පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය නැරඹීම සඳහාය.


එදින රෝගීන්ට ලබාදුන් රාත්‍රී ආහාරයෙන් පසු රූපවාහිනී යන්ත්‍රය විසන්ධි කළ රෝහල් බලධාරීන් රෝගීන්ට නිදාගැනීම සඳහා අවකාශ සැපයීමටද පියවරගෙන තිබුණේ එය රෝහලේ දෛනික ක්‍රියාවලියක් බැවිනි.


මේ අතර මධ්‍යම රාත්‍රිය උදාවෙත්ම නින්දේ සිටි රෝගියකු එක්තරා දේශපාලන පක්ෂයක නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ගිය ඕකාට ගහපිය, මරපිය ආදී ලෙස කෑගැසීම නිසා ඒ ආසන්න ඇඳන්වල සිටි රෝගීන් කිහිප දෙනෙකු බියවී වාට්ටුවෙන් පිටතට දිව යාමත් සමගම එහි පැමිණ ඇති රෝහල් ආරක්ෂකයින් හීන බැලුවට කමක් නෑ. මේක පාර්ලිමේන්තුව නෙවෙයි, හොස්පිටල් එක යනුවෙන් පවසා රෝගියා නින්දෙන් අවදිකළ බව වාර්තාවේ.

- lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka