gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැතිවූ දේ සොයාදෙන අංජනම සීසීටීවියේ

අගනුවරට ආසන්න ප්‍රදේශයක සුවිසල් උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතමිතුරන් ගෙන් ශාලාව පිරී යන්නට විය.

මේස වටා ඉඳගත් පිරිස් අල්ලාප සල්ලාපයේ යෙදුණේ සපයා තිබූ පළතුරු ආදී දේවල් සපමිනි.

ඒ අතර සිටි කාන්තාවක් හදිසියේම යමක් සොයන්නට වූවාය. අනෙක් අය ද එදෙසට යොමුවී ඒ
පිළිබඳව විමසූහ. අනේ මගේ පෙන්ඩන්ට් එක නැතිවෙලා. ඈ දුක්මුසු ස්වරයෙන් කීවාය. ඇයගේ මාලය කැඩී පෙන්ඩනය පමණක් අතුරුදන් වෙලාය. සියල්ලෝ එක්ව එය සොයන්නට වූහ. එහෙත් සොයාගත නොහැකි විය. අවසානයේ ඒ පිළිබඳව ශාලාවේ කළමනාකාරිත්වයට දැනුම් දෙනු ලැබීය.

ඔවුන් පැමිණ විස්තර විමසා කියා සිටියේ උත්සවය අවසානයේ දී සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් පෙන්ඩනයේ හිමිකාරිය තවදුරටත් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවාය.

ඇය නැවත නැවතත් ශාලාවේ අත්සක් මුල්ලක් නෑර සොයා බලා නැවත එම ආසනය වෙත පැමිණි විට ඇයගේ ආසනය මතම පෙන්ඩනය තිබී හමුවිය.

ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමටත් පෙර පෙන්ඩනය ලැබීම නිසා ඈ සැනසුම් සුසුමක් හෙළුවාය.

-lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka