gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයියා මැවූ බොරු පෙම්වතා එක්ක නංගී පැන ගිහින්

මීප ආයතන දෙකක සේවය කළ ඔවුහු ගජ මිතුරන් වූහ. පසුගියදා බස් රථයේ දී ඇස ගැටුණු රූමතියක් ගැන එක් අයකු අනිකාට කීවේ ඇය දැකීමෙන් තමා මෝහනයට පත්වූ බවයි. “කිසි ප්‍රශ්නයක් නෑ. එයා අපේ ගෙවල් ළඟ. මම උඹට යාලු කරලා දෙන්නම්” කී ඔහු දවස් කීපයකට පසු “වැඬේ හරි” යැයි කීවේ ඇයගේ යැයි කියන දුරකතන අංකයක් ද දෙමිනි.

තම නැගණියගේ දුරකතන අංකය මෙසේ ඔහු අතට පත්
කළ මිතුරා මේ විහිළුව ඇයට කීවත්, නංගී කීවේ “මෙය මහ පව් වැඩක්” කියාය. “ඕකා මගේ යාලුවා වුණාට මේක ඌට හොඳ පාඩමක්” ඔහු නංගී අස්වැසීය.

ඔහු කල්පිත පෙම්වතියට දෙන තෑගි ද අයියා නැගණියට දුන්නත් ඇය ඒවා ප්‍රතිකිෂේප කළාය. එහෙත් ඔහු පවසන වදන් නංගිගෙන් දැනගෙන මේ මිතුරා මහත් වින්දනයක් ලැබීය.

පසුගියදා ඔහු ප්‍රේමවන්ත මිතුරාට කීවේ ඇය විවාහ වීමට යන නිසා මේ සබඳතාව නැවැත්වීමට තමාට කී බවකි. එය ඇසූ මිතුරා අන්දමන්ද විය. සුසුම් හෙළමින් වැළපුණේය. දුරකතන ඇමතුම් ද නැවතිණ.

පසුගියදා උපකාරක පන්තියකට ගිය නංගි අයියාට දුරකතනයෙන් කීවේ ඒ මිතුරා තමාට හමුවූ බවත්, ඔහු සෙවලයකු නොව ඉතා හොඳ කෙනකු නිසා තමා ඔහු සමග යන බවත්ය. මෙය ඇසූ අයියාට දෙවියන් සිහිවුණාලු.

- lankadeepa.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka