gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රිවරුන් විශේෂ සෝදිසියකට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගර්භයට ඇතුළු වීමට පෙර අද (23දා) දිනයේත් විශේෂ සෝදිසි කිරීමකට ලක් කිරීමට නියමිතය.

ඒ අනුව මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වන මන්ත්‍රි පිවිසුමේදී පළමුව විශේෂ සෝදිසි කිරීමකට ලක් කරන අතර සභා ගර්භයට ඇතුළුවීමට පෙර දෙවැනි මහලේදීද යළි පරීක්ෂාවකට ලක් කරනු ඇත.
දෙවැනි මහලේද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ
ආලින්දවල ස්ථාන 4කදී මන්ත්‍රිවරුන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.

ඊට අමතරව අද (23දා) දිනයේ මන්ත්‍රිවරුන්ට අත්‍යවශ්‍ය ලියකියවිලි හැර වෙනත් කිසිදු භාණ්ඩයක් සභාගර්භය තුළට රැගෙන යෑම තහනම් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මහජන පිවිසුම් සහ රාජ්‍ය නිලධාරීන්ගේ පිවිසුම්වලද අද දිනයේ විශේෂ සෝදිසි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු පොලිසියට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශය විසින් මෙම සෝදිසි කිරීම් සිදුකරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරි සහ කථානායක ගැලරියද අද දිනයේ වසා තබන අතර මාධ්‍යවේදීන්ගේ ගැලරිය පමණක් විවෘතව තබනු ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka