gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිගෙන් ගොවියන්ට සහන මල්ලක්

කෘෂිකර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට හා කෘෂිකර්මාන්තයේ යෙදෙන පිරිස් දිරිගැන්වීම සඳහා කෘෂිකර්මාන්තයෙන් ලබාගන්නා වූ ආදායම අවුරුදු 5ක කාලයකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකාශ කළේය. මේ අනුව වසර 5ක කාලයක් සඳහා කෘෂිකාර්මික බෝගවලට ආදායම් බදු අය කිරීමක් සිදු නොකරන බවත් මෙයින් විශාල සහනයක් ගොවි ජනතාව ඇතුළු කෘෂිකර්මාන්තයේ
යෙදෙන විශාල පිරිසකට හිමිවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ගොවීන්ට සහන රැසක් ලබාදීම ගැන අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශයක් කරන බව නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ පැවැසුවේය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් විශාල පලදාවක් මෙන්ම ආර්ථික ශක්තියක්ද ඉතිහාසය තුළ ගොඩනඟාගෙන තිබූ බවත් ඇතැම් ආණ්ඩුවල වැරැදි ප්‍රතිපත්ති හමුවේ මෙරට කෘෂිකර්මාන්තය අගාධයට වැටුණු බවත් ඇතැම් කාලවලදී කුඹුරු ගොඩ කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කළ කාලයක් තිබූ බවත් සිහිපත් කරන අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ පොහොර සහනාධාරය කපා දැමීමද මෙරට කෘෂිකර්මාන්තයට එල්ල කරන ලද බලවත් පහරක් බවයි.

තමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී දින දෙකක් ඇතුළත පොහොර සහනාධාරය යළි මෙරට ගොවි ජනතාවට ලබා දීමට තීරණය කළ බවත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මඟින් මෙරට කෘෂිකර්මාන්තය නැංවීමට තවදුරටත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka