gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටවර් රඟහල කලාකරුවන්ට නොමිලේ ලබාදීමේ තීරණයක්

දේශීය නාට්‍ය කලාවේ දියුණු ප්‍රේක්‍ෂකාගාරයක් බිහි කිරීම සඳහා මෙරට නාට්‍යවේදීන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ටවර් රඟහල මසකට වරක් නාට්‍ය සංවිධායකයන්ට නොමිලේ ලබාදීමට ටවර් හෝල් රඟහල පදනම තීරණය කර තිබේ.

තවද දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැඟීමේ අරමුණ ඇතිව අංකුර හා තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ
එළදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදෙමින් මසකට වරක් ගුණාත්මක නාට්‍ය නිර්මාණයන් රු. 200ක සහනදායි ප්‍රවේශ පත්‍රයකට ප්‍රේක්‍ෂකයන්ට නැරැඹීමට ඉඩකඩ ලබා දෙමින් 2019 ජනවාරි මස අවසන් සතියේ සිකුරාදා සිට සෑම මසකම අවසන් සිකුරාදා ටවර් රඟහල නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන නාට්‍යකරුවන්ට තම නිර්මාණ විස්තර ඇතුළත් කරමින් සකස් කරන ලද ඉල්ලුම්පත්‍රයක් මඟින් මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. අධ්‍යක්‍ෂ ජනරාල්, ටවර් හෝල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයට එම ඉල්ලුම්පත්‍ර එවිය යුතුය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka