gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට එරෙහි පැමිණිල්ල විභාගයට

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දෙමින් මේ බව දැනුම් දුන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත්
අස්මඩලේ මහතා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

සිද්ධිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ වැලිකඩ පොලීසිය පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමක් පැවැත්වූ බවත්, මෙම රැස්වීම අවස්ථාවේදී මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන්දික අනුරුද්ධ මහතාට පිහියක් පෙන්වමින් 'ඉස්සරහට ආවොත් මරනවා' යැයි කියමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවත්, ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ අසල පිහියක් අතැතිව සිටි බවත් පැමිණිල්ලේ සඳහන් බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය වූ ස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම මහත්වරුන් සිටි බවත් පැමිණිල්ලේ සඳහන් යැයි අධිකරණයට දැනුම් දුන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන්නේ යැයිද දැනුම් දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka