gossip lanka

වාහන අලෙවිය 60%කින් වැටේ…

මෝටර් රථ අලෙවිය මේ වනවිට 60% කින් පමණ පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති රංජිත් පීරිස් මහතා සඳහන් කරන්නේ ඩොලරයේ අගය ඉහළ යාම සහ වාහන මිල වැඩිවීමත් සමග මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

එමෙන්ම රජය විසින් තෙල් මිල අඩු කිරීමත් සමග
වාහන මිල අඩු කරනු ඇතැයිද පාරිභෝගිකයන් බලාපොරොත්තු වන නිසාද මෙම මිලදී ගැනීම් අඩු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ආනයනකරුවන් වාහන ගෙන්වීමද 60% කින් පමණ අඩු කර ඇති වුවද ඔහු සඳහන් කරයි.

gossip lanka