gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එළවළු මිළ ගණන් ඉහළයාම දෙසැම්බර් අවසන් වෙන තෙක්ම

එළවළු මිල ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මේ දිනවල වෙළඳපළේ උඩරට සහ පහතරට එළවළුවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර
මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට දිනපතා ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් ඒවායේ මිල ඉහළ ගොස් ඇති අතර දැනට සති 04ක පමණ කාලයක් තිස්සේ පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු

 වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදෙනු ලැබීය.

කෙසේ වුවද මේ වන විටත් එළවළු වගා කරන බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙන බැවින් එළවළු කුණු වීමට බලපා තිබේ. එම නිසා දැනට වෙළෙඳපලේ එළවළු මිල ඉහළ යාමේ තත්ත්වය දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. වර්ෂාව නිසා එළවළු අලුතින් වගා කිරීමටද ගොවීන්ට අපහසු වී ඇත.

පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka