gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දකුණු පළාත් සභාවට හන්දිපත් රුදාවද?" - නලින්

දකුණු පළාත් සභාවේ ශ්‍රවනාගාරයට ලක්ෂ ගාණක් විදයම් කර විදුලි සෝපානයක් සවිකිරීමට සූදානම් වන බවත් පළාත් සභාව මඟින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුතු තිබියදී මෙසේ අනවශ්‍ය මුදලක් වැය කිරීම නින්දිත බවත් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ මහතා මහතා පවසයි.

මාසයකට දෙදිනක් පමණක් රැස්වෙන මෙම පළාත් සභාවේ
නියෝජිතයන්ට තට්ටු දෙක නැඟ ගැනීමට නොහැකිදැයි ඔහු විමසා සිටී. දකුණේ ජනතාවගේ බදු මුදල් වලින් මේ කරන වියදම් කිසිදු තේරුමක් නැති වියදම් බවද හෙතෙම පෙන්වා දෙයි.

ඊයේ (27) දින දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී රැස්වූ අවස්ථාවේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා

"මෙම සභා ගොඩනැගල්ල ඉදි කරනකොට මේ විදුලි සෝපානය හදන්න තිබුණා. ඒක අනවශ්‍ය නිසා හදන්න නැතිව ඇත්තේ. දැන් මොකක්ද තියන අවශ්‍යතාවය. මාසයට සභා දෙකයි තියෙන්නේ. ඇයි පයින් යන්න බැරි හන්දිපත් රුදාවද? ජාතික මුදල් අපතේ යනවා. මේ කැත වැඩ එපා. කැකනදුර ගොවිපලේ කුකුළු පැටව් 35,000ක් කන්න නැතිව ඉන්නවා. එකෙන් 8000 ක් දැන් මැරිලා. බේර ගන්නම බැරි තැන ගොවිපලේ අය මේ කුකුළු පැටව් ගොවීන්ට දීලා බේරගෙන තියෙන්නේ. හැබැයි දැන් ඒ අය ආයිත් ගන්න බෑ. මේ ගොවිපලෙන් මේ කෑමවලට ප්‍රතිපාදන ඉල්ලලා. නමුත් පළාත් සභාව ඒ ප්‍රතිපාදන දීලා නෑ. ඔන්න මේ පළාත් සභාවේ වැඩ. ඉක්මනට කරන්න ඕන වැඩ කරන්නේ නෑ. ඒ වුනාට දකුණු පළාත් සභාවේ අනවශ්‍ය දේවල් සඳහා වියදම් කරනවා .මේවා වැරදියි. කඩිනමින් මුදල් දෙන්න ඕන නම් දෙන්න ඕන අන්න ඒ වගේ දේවල් වලට".

"දැන් මේ පළාත් සභාවේ චක්ත්‍රිය අරමුදල් කපා හරින් කතා කරනවා. ඒවා දීපු විදිය ගැනත් බලන්න ඕන. ඒ කාලේ එජාප පාලනය කරන කොට තමන්ට ඡන්දේ ගන්න විතරක් මේ මුදල් තමන්ගේ පාක්ෂිකයින්ට බෙදලා දීලා තියෙන්නේ. ඒ කාලේ හැටියට 7500 ක්. අද බැලුවොතින් ඒ ගාණ ලක්ෂ 7-8 ක් විතර. මෙහෙම සල්ලි බෙදලා දීපුවා නිකන් අතහරින්න පුළුවන්ද?" යැයි පැවසීය.

සටහන  - සුනෙත් ගාල්ලගේ - ගාල්ල

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka