gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති CID ය මඟ හැරලා !

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවස්ථා තුනකදී දැනුම්වත් කර ඇතත් ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වේ.

දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය සැප්තැම්බර් 02 වැනිදා හෙළි කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නාලක සිල්වා
විසින් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ එක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී ඔහු හෙළිකරනු ලැබුවේ තමන්ට නාලක සිල්වා හඳුන්වා දුන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බවයි.

මේ වන විට ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, පොලිස් අධිකාරී හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් රැසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ලබන දෙසැම්බර් 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දැනට සිදු කළ විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් ලබා නොගෙන පරීක්ෂණ ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ සිව්වැනි වතාවටත් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් විට පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමන්ට මේ දිනවල රාජකාරි බහුල බවයි.

(මූලාශ්‍රය - අරුණ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka