ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වාහන අමතර කොටස්වල මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමය.
ඉන්ධන මිල අඩු කිරීම සැලකිල්ලට ගෙන බස් ගාස්තු
අඩු කළ හැකිදැයි සාකච්ඡා කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ විධායක කමිටුව ද අද පෙරවරුවේ රැස් වූ අතර ඔවුන් ද මෙම අවස්ථාවේ බස් ගාස්තු අඩු කළ නොහැකි බව තීරණය කළ බව ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා පවසයි.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඩීසල් හා පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 5කින් අඩු කෙරුණි. ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අනුව තමන්ද ඉන්ධන මිල අඩු කළ බව ලංකා අයි ඕ සී සමාගම පැවසීය.
ඉකුත් නොවැම්බර් මස පළමු වැනිදා ද ඉන්ධන මිල අඩු කෙරුණු අතර එවර බස් ගාස්තු සියයට 02කින් අඩු කෙරුණි.
ඉන්ධන අඩු වුණාට අමතර කොටස් ගණන් - බස් හිමියන්
2018-11-16T14:25:00+05:30
Gossip Lanka Hot News
slide|