gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන අමතකවී අඟ ලොකුවුණා නම් කාපන් මේකත්

මීට දසක ගණනාවකට පෙර නොදියුණු ගැමි පරිසරයක් පැවති ප්‍රදේශයක වූ ප්‍රසිද්ධ සති පොළකි. ඉරිදා පැවත්වෙන මෙම සතිපොළට විවිධ ප්‍රදේශවල වෙළෙඳුන් පැමිණෙන්නේ කිතුල් පැණි, කෙසෙල් කැන්, කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි ආදිය මිලට ගැනීමටය. ඒ සඳහා මෙම පොළ ප්‍රසිද්ධය.

සතිපොළට පැමිණෙන එක්තරා වෙළෙන්දකු ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකි. විනෝදයට විහිළුවට කැමැති
පුද්ගලයකු ලෙසද ප්‍රකටය.

 කුඹුරේ, හේනේ, ගොවිපළේ කාර්යන්හි නියුතු නූගත්  ගැමියන් හා මිත්‍ර වී එම බඩු බාහිරාදිය කුණු කොල්ලයට රැගෙනයාම මොහුගේ සිරිතය.

එහෙත් කල්ගත වනවිට සමහර වෙළෙඳුන් නිසා වෙනදා තරම් අතමිට සරු නොවීම පිළිබඳව ඔහුට පැවතියේ දොම්නසකි.

ගැමි නිෂ්පාදනවලට වැඩි මිලක් ගෙවන නව වෙළෙඳුන් නිසා පෙර කී ඒකාධිකාරය බිඳ වැටිණි.

“ඉස්සර වෙලා ආ කනට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු වුණා මුන්ට. ඔහු දොස් තැබීය.

දිනක් සතිපොළට පැමිණි මෙම වෙළෙන්දා තමා ‘කිතුල් ඇට මිලදි ගන්නා බව ප්‍රකාශ කිරීමක් සමග එදින කොල්ලෝ කුරුට්ටො කීප දෙනෙකු දුව පැන එකතු කරගෙන ආ කිතුල් ඇට ඔහු මිලදී ගත්තේය.

ප්‍රදේශය පුරා ලැව් ගින්නක් සේ කිතුල් ඇට මිලදී ගැනීම  ප්‍රසිද්ධ විය. ඊළඟ සතිපොළ දිනයේ ගැමියෝ කිතුල් ගස් යට හා කිතුල් ගස්වල කිතුල් රැහැන්ද කපා කිතුල් ඇට ගෝනි ගණන් රැගෙන අදාළ වෙළෙන්දා සොයා පැමිණියහ. අවට ප්‍රදේශවලින් පවා අත් ට්‍රැක්ටර් වල පටවා ගෙන ආ කිතුල් ඇට මලු ගණන්ද රැගෙන විත් තිබිණි. එහෙත් වෙළෙන්දා එදින පොළට පැමිණියේ නැත. ඔහු මග හැරියේය.

කිතුල් ඇට රැගෙන ආ අය බලාපොරොත්තු සුන්වී ආපසු ගියේ තමන් ලොකු රැවටීමකට හසුවූ බව කියමිනි.

එය ගැමියන්ට පාඩමක් ඉගැන්වීමට සිතා මතා කල උප්පර වැට්ටියක් බව පසුව පැහැදිලි විය.
පස්ගොඩ තිලක් එච්. ගමගේ

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka