gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහපොළ අරමුදලට රුපියල් මිලියන 188ක පාඩුවක්

මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය නොකර රාජ්‍ය සමාගමකට අනුබද්ධ සමාගමක ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 188ක පාඩුවක් සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කියා සිටී.

මහපොළ හාරකාර අරමුදල් පනතට පිටතින් පත්වීම්
ලැබූවකු මෙම මූල්‍ය වංචාව පිටුපස සිටින බවද ජාගොඩ මහතා සඳහන් කරයි.

මහපොළ බාරකාර අරමුදල් රාජ්‍ය සුරකුම්පත්වල ආයෝජනය සඳහා පිහිටවූ නැෂනල් වෙල්ත් කෝපරේෂන් (National Weaith Corporation) සමාගම වෙනුවට ඊට අනුබද්ධව පිහිටවූ නැට් වෙල්ත් සිකියුරිටීස් (Nat Wealth Securities) එම මුදල් ආයෝජනය කිරීමෙන් රාජය සමාගම රුපියල් බිලියන 188ක් පාඩු ලබද්දී අදාළ සමාගම රුපියල් මිලියන 522ක ලාභයක් ලබා ඇති බව පැවසේ.

වසර 2015 දී නව ආණ්ඩුව පත්විමෙන් පසුව වයස අවුරුදු 70කට වැඩි අයකු මහපොළ භාරකාර අරමුදලට පත්කරනු කළ බවත්, එය පනතට පිටින් ගොස් සිදු කළ පත්විමක් මෙන්ම එම මුදල් ආයෝජනය කළ පුද්ගලික සමාගමද ඔහු යටතේම පවතින බැවින් එමගින් සිදුවූ වංචාව මහ බැංකු වංචාවට නොදෙවැනි බවත් ජාගොඩ මහතා පැවසීය.

මහපොළ අරමුදල දුප්පත් සිසුන්ට අධයාපනය වෙනුවෙන් ඇති කළ එකක් බවත්, එබැවින් එවැනි අරමුදලකින් පවුලේ පෞද්ගලික සමාගමක් ලාභ ලබන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්නකර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka