gossip lanka

වාසුගෙන් කතානායකවරයාට චෝදනාවක්

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකවරයා අවශ්‍ය පියවර ගත්තේ නම්, ඉකුත්දා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම වළක්වා ගැනීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

කුරුණෑගලදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.


මේ අතර බැදුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් 26 ක් ජනාධිපතිවරයා විසින් ලබන 17 වනදා පාර්ලිමේන්තුව වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවේ පිටපත් 26 ක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය ඉකුත් 9 වනදා පස්වරුවේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බැදුම්කර වාර්තාවේ පිටපත් 50 ක් මුද්‍රණය කර ඇති අතර ඉන් 26 ක් ඒ අනුව පාර්ලිමේන්තුව වෙත ලබාදීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
gossip lanka