gossip lanka

වැලිකඩ ගැටුමේ ගිනි අවි ගැන සැකයක් !

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගපරිදි පැවැති විශේෂ පරීක්ෂණයේදී රහස් පොලිසිය භාරයටගත් ගිනිඅවි 161 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගකර තිබේ.

ටී 56 ගිනිඅවි 158 ක් සහ රිවෝල්වර තිනකින් සමන්විත අදාළ ගිනිඅවි
තොගය විශේෂ පරික්ෂාවක් යටතේ රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කර තිබිණි.

එම ගිනි අවි තොගය වැලිකඩ ගැටුම මැඩලීමට යොදාගත් ගිනි අවිද යන්න නිශ්චිතව තහවුරු කිරීම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇති නියෝගයයි.



gossip lanka