gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්තරන් හොයා හෑරූ වළෙන් ජල උල්පතක්‌

මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ භූමියකින් එල්ටීටීඊ රත්තරන් සොයමින් ආරක්‌ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන හාරන ලද වළට ජලය ගලාගෙන එන්නට පටන් ගැනීම නිසා ආරක්‌ෂක අංශ නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

 මෙම හෑරීමේ කටයුතු මුලතිව් අධිකරණයෙන් ලබාගත නියෝගයක්‌ මත
ආරම්භ කරන ලද්දේ යුද්ධයේ අවසන් දින කීපයේදී එල්ටීටීඊ සාමාජිකයින් විසින් ඔවුන් බාරයේ තිබූ විශාල රත්තරන් තොගයක්‌ මෙම ස්‌ථානයේ වළදමන ලද බවට අත් අඩංගුවට පත්වූ එලටීටීඊ සාමාජිකයෙකු විසින් ලබාදෙන ලද තොරතුරකට අනුවය.

 හෑරීමේ කටයුතු කරගෙන යන අතර තුර වළට ජලය ගලා එමින් එය ළිඳක්‌ බවට පත්ව ඇතත් එම ස්‌ථානයේ කැණීම් කටයුතු නතර කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇති බැවින් අපහසුකම් මධ්‍යයේ හෝ කැණීම් කටයුතු කරගෙන යන බව මුලතිව් පොලිසියේ නිලධාරීන් කියා සිටී.

 මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී මෙම රත්තරන් සෙවීමේ කටයුතු සිදුවන අතර ඊට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිටින සෑම ආරක්‌ෂක අංශයකම නිලධාරීහු සහභාගි වී සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka