gossip lanka

ඡන්ද අපේක්ෂිකාවන්ට ලිංගික අතවර කරන්න ගිහින්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඇතැයි මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

ඔවුන් කළ නිරික්ෂණය පිළිබඳ  එහි කැඳවුම්කාර මණ්ඩල සාමාජික හා පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් කළ
විමසීමකදී සඳහන් කෙරුණේ පුත්තලම ප්‍රදේශයේ මවුලවීවරයෙක් කාන්තාවන්ට දේශපාලනයේ ඇති ඉඩ ඇහිරෙන අයුරින් කටයුතු කරමින් ඇති බවට වාර්තා වී ඇති බවත් තවත් ප්‍රදේශ රැසක අපේක්ෂිකාවන්ට ලිංගික අතරව කිරීමට දරපු උත්සහයන් පිළිබඳවත් වාර්තා වී ඇති බවයි.

අපේක්ෂිකාවන්ගේ මැතිවරණ අයිතිය තහවුරු කිරීම සියලූ දෙනාගේ වගකීමක් වන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මේ අතර, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණය ආශ‍්‍රිතව සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් සහ කඩ කිරීම් පිළිබඳ සොයා බැලීම එහි මූලික අරමුණයි.

මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන් ඉලක්ක කරගනිමින් සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය පැය 24 පුරා ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, 077 - 30 88 135 හෝ  077 - 37 62 112 යන දුරකථන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.

gossip lanka